විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය යටතේ පසුගිය 11 වැනිදා ඕස්ට්‍රේලියාව සහ අයර්ලන්තය අතර පැවති තීරණාත්මක තරගයේදී අයර්ලන්ත නායක පෝල් ස්ටර්ලින් (Paul Stirling) බරපතල ආබාධයකට ලක්ව තිබේ. පන්දු රකිමින් සිටියදී සිදු වූ මෙම අනතුරෙන් ඔහුගේ දණහිසෙහි අස්ථි ආශ්‍රිතව හානියක් සිදුව ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී ඇත.
ඒ අනුව, පවතින ආබාධ තත්ත්වය හේතුවෙන් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග කිසිවකට ඔහුට සහභාගී වීමට නොහැකි වනු ඇති බව අයර්ලන්ත ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කර තිබේ. කණ්ඩායමේ ප්‍රබලතම පිතිකරුවා මෙන්ම අත්දැකීම් බහුල නායකයා මෙලෙස තරගාවලියෙන් ඉවත් වීම අයර්ලන්ත කණ්ඩායමට ඉදිරි වටයේදී එල්ල වන දැඩි පසුබෑමකි.














