මීගමුව ගල්කන්ද හන්දියේ පිහිටා ඇති “Mr. කොත්තු” (Mr. Kottu) ආපනශාලාව තාවකාලිකව වසා දමන ලෙස මීගමුව මහාධිකරණය විසින් ඊයේ (12) නියෝග කරනු ලැබීය. මෙම අවන්හලේ මුළුතැන්ගෙයි අපජලය තාප්පයක් සිදුරු කර බටයක් මඟින් ප්‍රසිද්ධ මාර්ගයට මුදා හැරීම සම්බන්ධයෙන් ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ. සුරංග මහතා විසින් නඩුවක් ගොනු කර තිබුණි. මීට පෙර ඉකුත් 22 වැනිදා මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී අදාළ අඩුපාඩු පිළිසකර කර ගැනීම සඳහා දින 14ක කාලයක් ලබා දෙමින් අවන්හල වසා තැබීමට නියෝග කර තිබුණ ද, එම නියෝගය නිසි ලෙස ඉටු කිරීමට කළමනාකාරිත්වය අපොහොසත් වීම හේතුවෙන් අධිකරණය මෙම තීරණය ගෙන තිබේ.














