බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ රුව භාවිත කරමින් සකස් කරන ලද ව්‍යාජ වට්ස්ඇප් (WhatsApp) ගිණුමක් හරහා සිදු කෙරෙන මූල්‍ය වංචාවක් පිළිබඳව බලශක්ති අමාත්‍යාංශය මහජනතාව වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ පාසල් ප්‍රතිසංස්කරණය සඳහා ආධාර ලබා දෙන ලෙස පවසමින් මෙම වංචනික පිරිස මහජනතාවගෙන් මුදල් ඉල්ලා සිටින බව අනාවරණය වී ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අමාත්‍යාංශය අවධාරණය කරන්නේ අමාත්‍යවරයා හෝ අමාත්‍යාංශය විසින් මෙලෙස කිසිදු ආධාරයක් හෝ මූල්‍යමය පරිත්‍යාගයක් ඉල්ලා නොමැති බවයි. මෙම කූඨ ජාවාරම සම්බන්ධයෙන් දැනටමත් ශ්‍රී ලංකා පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, මෙවැනි වංචනික දුරකථන ඇමතුම් හෝ පණිවුඩවලට නොරැවටෙන ලෙස අමාත්‍යාංශය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.














