2026 වර්ෂය සඳහා තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් සහ සීලමාතාවන් වෙනුවෙන් ලබා දී ඇති රුපියල් 3,000ක වටිනාකමකින් යුත් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ. මීට පෙර එම තිළිණපත්වල වලංගු කාලය 2026 පෙබරවාරි 15 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබුණද, පවතින අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් එය 2026 පෙබරවාරි 28 වැනිදා දක්වා දීර්ඝ කර ඇත.
මෙම සහන වැඩසටහන යටතේ මෙතෙක් පාවහන් ලබා ගැනීමට නොහැකි වූ සිසුන්ට තවත් දින කිහිපයක සහන කාලයක් හිමිවන අතර, අදාළ වෙළඳසැල් මඟින් එම කාලය තුළ පාවහන් ලබා ගැනීමට අවස්ථාව පවතී. නිසි කලට මෙම තිළිණපත් භාවිත කරමින් අවශ්‍ය පාවහන් ලබා ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දෙමාපියන්ගෙන් සහ සිසුන්ගෙන් ඉල්ලා සිටී.














