නිරිතදිග පාකිස්තාන කලාපයේ අද (13) පස්වරුවේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රික්ටර් මාපකයේ ඒකක 5.5ක ප්‍රබලත්වයෙන් සටහන් වූ මෙම භූකම්පනය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක පමණ නොගැඹුරු මට්ටමක හටගෙන තිබේ.
භූකම්පනය සිදුවූ ප්‍රදේශයේ ජනතාව දැඩි ලෙස කලබලයට පත්ව ඇති බව වාර්තා වුවද, වාසනාවකට මෙන් මේ දක්වා කිසිදු ජීවිත හානියක් හෝ විශාල දේපළ හානියක් සිදුව ඇති බවට වාර්තා වී නොමැත. කෙසේ වෙතත්, බලධාරීන් ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳව දිගින් දිගටම විමසිල්ලෙන් පසුවන බව ද සඳහන් වේ.














