තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් ඉදිරිපිටදී අද (13) පස්වරු 5.00ට පමණ බිහිසුණු වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෝටර් රථයක සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, වෙඩි වැදීමෙන් ඔවුන් දෙදෙනාම එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කළේ. තවත් මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් T-56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියකින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් තිබෙනවා.
මෙම ද්විත්ව මිනීමැරුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් මේ වන විටත් යොමු කර ඇති අතර, ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කර තිබෙනවා. ඝාතනයට ලක් වූ පුද්ගලයන්ගේ අනන්‍යතාව මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නොමැති වුවද, මෙය සැලසුම් සහගතව සිදුකළ අපරාධයක් බවටයි මූලික විමර්ශනවලදී සැක කෙරෙන්නේ. සිද්ධිය වූ ස්ථානයේ ඇති සීසීටීවී (CCTV) දර්ශන පරීක්ෂා කරමින් සැකකරුවන් හඳුනා ගැනීමට පොලිසිය වැඩිදුර මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.














