අහංගම, කබලාන මුහුදු වෙරළේ විදේශීය සංචාරකයන් සඳහා තාවකාලිකව ඉදි කර තිබූ කුඩා කුටි 200ක් පමණ ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව අද (13) කටයුතු කිරීමත් සමඟ එම ස්ථානයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තේය. මෙම ඉවත් කිරීම්වලට එරෙහිව ප්‍රදේශයේ කුටි අයිතිකරුවන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ විදේශිකයන් කිහිපදෙනෙකුද එක්ව බලවත් විරෝධය පළ කරන ලදී.
විරෝධතාකරුවන් චෝදනා කළේ සාමාන්‍ය ජනතාවගේ ජීවනෝපාය මාර්ග මෙලෙස කඩා බිඳ දමන නිලධාරීන්, වෙරළ තීරයේ අනවසරයෙන් ඉදිකර ඇති මහා පරිමාණ සංචාරක හෝටල් සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවයි. “පොඩි මිනිහට එක නීතියකුත් ලොකු මිනිහට තව නීතියකුත් ඇයි?” යනුවෙන් විමසමින් ඔවුන් නිලධාරීන්ට දැඩි විරෝධය පළ කළ අතර, කඩා දැමූ කුටිවල දැව දඬු රැගෙන යාමට පැමිණි ට්‍රැක්ටර් රථවලට ද කාන්තාවන් බාධා පමුණුවන ලදී.














