ඊයේ (12) පැවැති බංග්ලාදේශ මහ මැතිවරණය දැඩි ලෙස විවේචනය කරමින් එරට හිටපු අගමැතිනි ශෙයික් හසීනා සිය විරෝධය පළ කර තිබේ. ඇය පවසන්නේ තමන් නායකත්වය දෙන අවාමි ලීගයේ සහභාගීත්වයකින් තොරව පවත්වන ලද මෙම ඡන්ද විමසීම හුදෙක් ජනතාව රැවටීමේ ක්‍රියාවක් බවයි.
මෙම මැතිවරණය ඡන්දදායකයින්ගේ සහභාගීත්වයක් නොමැති, නීති විරෝධී මෙන්ම ව්‍යවස්ථා විරෝධී එකක් බව පෙන්වා දෙන හසීනා, එය වහාම අවලංගු කරන ලෙස බලකර සිටියි. එසේම වර්තමාන අන්තර්වාර රජයේ ප්‍රධානී මුහම්මද් යූනුස් වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ද ඇය අවධාරණය කළාය. තම පක්ෂයේ ක්‍රියාකාරකම් සඳහා පනවා ඇති තහනම ඉවත් කර, දේශපාලන සිරකරුවන් නිදහස් කොට මධ්‍යස්ථ භාරකාර රජයක් යටතේ සාධාරණ මැතිවරණයක් පවත්වන ලෙස ඇය වැඩිදුරටත් ඉල්ලා සිටියි.














