ජාතික හා පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා වන විවෘත බඳවාගැනීම්වලට අදාළව, අයදුම්කරුවන් සිය උපාධි සුදුසුකම් සම්පූර්ණ කළ යුතු අවසාන දිනය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
2026 පෙබරවාරි 02 දිනැති අංක 2474/19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවා තිබුණි. එහි සඳහන් 5.1 වගන්තිය ප්‍රකාරව සුදුසුකම් සපුරාලීමේ අවසාන දිනය 2026 මාර්තු 05 දක්වා සංශෝධනය කිරීමට අවශ්‍ය නීතිමය උපදෙස් නීතිපතිවරයාගෙන් ලැබී ඇති බව අමාත්‍යාංශය පවසයි.
අදාළ සංශෝධනය සඳහා වන කැබිනට් පත්‍රිකාව ලබන පෙබරවාරි 16 වනදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම තීරණය හේතුවෙන් සිය අවසාන ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින උපාධිධාරීන් විශාල පිරිසකට ගුරු වෘත්තියට පිවිසීමේ අවස්ථාව හිමිවනු ඇත.














