2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වඩාත්ම උණුසුම් සහ වැඩිම අවධානයක් දිනාගත් ඉන්දු-පාකිස්ථාන තරගයට සහභාගී වීම සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියේය.
ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ක්‍රීඩකයින් සහ සහාය කාර්ය මණ්ඩලය ඇතුළු 41 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස පැමිණි බවයි. ඔවුන් සමඟ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නිලධාරීන් 12 දෙනෙකු ද දිවයිනට පැමිණ තිබේ.
ඉන්දු-පාකිස්ථාන මහා ක්‍රිකට් සටන සැලසුම් කළ පරිදිම එළඹෙන පෙබරවාරි 15 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. තරගය නැරඹීම සඳහා දෙස් විදෙස් ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් දැනටමත් කොළඹ නගරයට පැමිණෙමින් සිටින අතර ක්‍රීඩාංගණය අවට ආරක්ෂාව ද තර කර තිබේ.














