ඩුබායිහි පැවැත්වෙන 17 වැනි ෆාසා ලෝක පැරා මලල ක්‍රීඩා ග්‍රොන් ප්‍රී (Fazza World Para Athletics Grand Prix) තරගාවලියේදී ශ්‍රී ලංකාවට මහත් ගෞරවයක් අත්කර දෙමින් රන් පදක්කමක් දිනා ගැනීමට ජනනි ධනංජනා සමත් වූවාය.
ඇය මෙම ජයග්‍රහණය වාර්තා කළේ T47 කාන්තා දුර පැනීම ඉසව්වෙන් විශිෂ්ට දක්ෂතාවක් දක්වමිනි. ජාත්‍යන්තර මට්ටමේ මලල ක්‍රීඩිකාවන් රැසක් සමඟ තරග වදිමින් ඇය ලබාගත් මෙම රන් පදක්කම, ශ්‍රී ලංකා පැරා මලල ක්‍රීඩා ඉතිහාසයේ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සටහන් වේ.














