කළුතර උතුරු පොලිස් වසමේ වාඩිය මංකඩ හන්දියේ වෙළඳසැලක් අසල අද (පෙබරවාරි 14) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා සිටි 32 හැවිරිදි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඔහුව රෝහල්ගත කිරීමට පියවර ගත්තද, ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය තහවුරු කරයි.
සිද්ධිය ඇසින්දුටු පුද්ගලයන් සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.














