කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක් තුළ අද (පෙබරවාරි 14) රාත්‍රී 8:50 ට පමණ සිදු වූ වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් බවට දැනට ලැබි ඇති ආරංචි මාර්ග පවසයි. මෙම වෙඩි තැබීම ‘පුකුඩුකන්නා’ නමැති පාතාල නායකයාගේ පාර්ශ්වය විසින් ‘පලනි රිමොෂන්’ නමැත්තාගේ පාර්ශ්වය ඉලක්ක කර ගනිමින් සිදු කර ඇත.
මෙම වෙඩි ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ. තුවාලකරුවන් මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටී. මෙම සිදුවීමට අමතරව අද රාත්‍රියේම කළුතර, වාඩිය මංකඩ ප්‍රදේශයේදී ද තවත් වෙඩි තැබීමක් වාර්තා වූ අතර, ඉන් තුවාල ලැබූ 32 හැවිරිදි පුද්ගලයා ද මියගිය බව පොලිසිය තහවුරු කළේය. පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් කණ්ඩායම් කිහිපයක් එක්ව මෙම පාතාල ගැටුම් මැඩපැවැත්වීම සඳහා මේ වන විටත් විමර්ශන සහ මෙහෙයුම් දැඩි කර තිබේ.














