අම්පාර – දමන මාර්ගයේදී යතුරුපැදියක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අද (පෙබරවාරි 14) දින දරුණු රිය අනතුරක් සිදුවිය. මෙම අනතුරෙන් යතුරුපැදියේ ගමන් කළ තරුණයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මියගිය තරුණයින් දෙදෙනා අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර දමන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.














