බමුණාකොටුව – කළුගමුව මාර්ගයේ කඩපැත්වෙහෙර ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් පාලනය කරගත නොහැකිව පෙරළී යාමෙන් සිදුවූ අනතුරකින් එහි රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ පනාදරගම, කොස්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි පුද්ගලයෙකි. අනතුර සිදුවන අවස්ථාවේදී ඔහු සහ තවත් කාන්තාවක රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබාගෙන නැවත නිවස බලා යමින් සිට ඇති බව වාරියපොල පොලිසිය විසින් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ත්‍රීරෝද රථය මාර්ගය මැද පෙරළී යාමෙන් තුවාල ලැබූ රියදුරු සහ එහි පසුපස ගමන් ගත් කාන්තාව වහාම වාරියපොල රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී රියදුරුගේ තත්ත්වය බරපතල වීම හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇත. වාරියපොල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන අතර, රියදුරුට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් අනතුරට හේතු වූයේද යන්න පිළිබඳව ද අවධානය යොමු කර ඇත.














