එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී මහතා එක්දින නිල සංචාරයක් සඳහා හෙට (17) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි. මෙම සංචාරයේදී ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවී ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව ඉහළ මට්ටමේ සාකච්ඡා පවත්වනු ඇත.
මීට අමතරව, ඩේවිඩ් ලැමී මහතා ළමා රැකවරණය සඳහා වන ගෝලීය ව්‍යාපාර ප්‍රඥප්තියට (Global Business Charter for Childcare) අත්සන් තැබීමට නියමිත අතර, එම සුවිශේෂී උත්සවය අද (16) මෙරට එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයේදී පැවැත්වෙන බව ද වාර්තා වේ. මෙම සංචාරය හරහා ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික හා සමාජීය සබඳතා නව මානයකට යොමු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














