ශ්‍රී ලංකාවේ කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම ප්‍රකට විද්වතකු වූ අභාවප්‍රාප්ත මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ සවස සහභාගී විය. මහාචාර්යවරයාගේ දේහය තැන්පත් කර තිබූ ස්ථානය වෙත පැමිණි ඒ මහතා, දේහයට ගෞරව දැක්වීමෙන් අනතුරුව අභාවප්‍රාප්ත මහාචාර්යවරයාගේ පවුලේ ඥාතීන් හමුවී සිය බලවත් ශෝකය ප්‍රකාශ කරමින් ඔවුන්ව අස්වැසීමට ද කටයුතු කළේය.
දේශපාලනඥයෙකු වශයෙන් මෙන්ම ලේඛකයෙකු, විචාරකයෙකු සහ ශාස්ත්‍රීය පර්යේෂකයෙකු ලෙස ද මෙරට බුද්ධිමය ක්ෂේත්‍රයට මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඉටුකළ සේවය මෙහිදී ඇගයීමට ලක්විය. මෙරට වාමාංශික දේශපාලනයේ මෙන්ම විද්‍යා හා තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා ඔහු දැක්වූ සුවිශේෂී දායකත්වය රටට මහඟු සම්පතක් වූ බවත්, ඔහුගේ අභාවය මෙරට දේශපාලන මෙන්ම ශාස්ත්‍රීය ලෝකයට පිරිමැසිය නොහැකි පාඩුවක් බවත් විද්වත්හු පෙන්වා දෙති.














