දේශීය වෙළඳපොළේ රන් මිලෙහි අද (17) දිනයේදී සුළු අඩුවීමක් වාර්තා වී තිබේ. නවතම මිල ගණන්වලට අනුව රන් අවුන්සයක මිල රුපියල් 1,545,480.00ක් ලෙස සටහන් වී ඇත. මෙම මිල පහත වැටීමත් සමඟ විවිධ කැරට් ප්‍රමාණවල රන් ග්‍රෑම් එකක මිල ද පහත ගොස් ඇති බව වෙළඳපොළ ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව අද දිනයේ කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 54,520.00ක් ලෙස සටහන් වේ. මීට අමතරව කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 49,980.00ක් වන අතර කැරට් 21 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 47,710.00ක් ලෙස දැක්වේ. පසුගිය දින කිහිපය තුළ රන් මිලෙහි පැවති ඉහළ යාමෙන් පසු මෙම මිල අඩුවීම පාරිභෝගිකයින්ගේ විශේෂ අවධානයට ලක්ව තිබේ.














