වයස අවුරුදු 16යි මාස 6ක් වන මෙම පාසල් දැරිය 2025 වර්ෂයේදී පළමු වරට අතවරයට පත් වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් පස්සර පොලීසියට කරන ලද පැමිණිල්ලකින් පසු සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් සැඟවී සිට ඇත. අතවරයට පත් දැරිය පරිවාස දෙපාර්තමේන්තුව හරහා ළමා නිවාසයකට යොමු කර පසුව නැවත පාසල් අධ්‍යාපනය සඳහා යොමු කර තිබියදී මෙම සැකකරු යළිත් ඇය හා සම්බන්ධ වී තිබීම විශේෂත්වයකි.
පසුගිය පෙබරවාරි 14 වන දිනට යෙදුණු පෙම්වතුන්ගේ දිනයේදී (Valentine’s Day), සැකකරු විසින් දැරිය දුරකථනයෙන් සම්බන්ධ කරගෙන පාසල අසලදී ඇයව මාරාව ප්‍රදේශයේ නිවසකට කැඳවාගෙන ගොස් එහිදී ද අතවර කර ඇත. මොනරාගල පොලීසියට ලද තොරතුරක් මත බෝහිටිය, මාරාව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේදී දැරිය ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු සහ දැරිය වැඩිදුර විමර්ශන සඳහා පස්සර පොලීසිය වෙත භාර දී ඇත. මොනරාගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ප්‍රේමතිලක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර තිබේ. බාලවයස්කාර දැරියන් ඉලක්ක කර ගනිමින් සිදු වන මෙවැනි ලිංගික අපරාධ සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව පොලීසිය අවධාරණය කරයි.














