සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතාගේ උපන්දිනය ඊයේ (18) දිනට යෙදී තිබූ අතර, ඒ වෙනුවෙන් විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාව වඩාත් විශේෂ වූයේ මන්ත්‍රීවරයා වෙනුවෙන් කේක් ගෙඩි හතරක්ම උපන් දින සැමරුමට එක්කර තිබීමයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කේක් ගෙඩි දෙකක් ද, සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා සහ සුරංග රත්නායක මන්ත්‍රීවරයා තවත් කේක් ගෙඩි දෙකක් ද බැගින් මෙම අවස්ථාවට රැගෙන විත් තිබුණි.
මෙම සැමරුම පිළිබඳව මන්ත්‍රීවරයාට කලින් දැනුම් දී නොතිබූ අතර, ඔහු කාර්යාලයට පැමිණි අවස්ථාවේදී විපක්ෂ නායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ එක්ව ඔහු පුදුමයට පත් කරමින් උපන් දින සුබපැතුම් ගීත ගායනා කළහ. එහිදී ජේ.සී. අලවතුවල මහතා විසින් කපන ලද පළමු කේක් කෑල්ල විපක්ෂ නායකවරයාට කැවීම ද විශේෂත්වයක් විය.
මෙහිදී අදහස් දැක්වූ සුජීව සේනසිංහ මහතා සඳහන් කළේ, ඉදිරියේදීත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ උපන්දින වෙනුවෙන් මෙවැනි සුහද සැමරුම් දිගටම සංවිධානය කිරීමට බලාපොරොත්තු වන බවයි.















