සෞඛ්‍ය සේවාවේ පවතින අර්බුද විසඳීමට රජය නිසි පියවර නොගන්නා බව තමන් වහන්සේට ද වැටහෙන්නේ යැයි අස්ගිරි සහ මල්වතු මහා නායක හිමිවරුන් සඳහන් කළහ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) නියෝජිත පිරිසක් අද (19) මහනුවරදී උන්වහන්සේලා බැහැදුටු අවස්ථාවේදී මෙම අදහස් පළ විය. මෙහිදී නිදහස් සෞඛ්‍ය සේවය මුහුණ දී ඇති තර්ජන සහ වෛද්‍යවරුන් මුහුණ දෙන වෘත්තීය ගැටලු පිළිබඳව වෛද්‍යවරුන් විසින් මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නා හිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහ නා හිමියන් දැනුවත් කරන ලදී.














