ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ භූතාන අගමැති ට්ෂෙරින් ටොබ්ගේ මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද (19) පස්වරුවේ ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්විණි. නවදිල්ලි නුවර පැවැත්වෙන ‘AI Impact 2026’ ජාත්‍යන්තර සමුළුවට සහභාගී වන අතරතුර මෙම රාජ්‍ය නායක හමුව සිදුවිය. මෙහිදී දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ කලාපීය සහයෝගීතාව පිළිබඳව නායකයන් දෙපළගේ අවධානය යොමු විය.
ඉන්දියන් සාගර කලාපයේ ස්ථාවරත්වය මෙන්ම තාක්ෂණික හා සංස්කෘතික ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු විය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ඉන්දීය සංචාරය අතරතුර ලෝක නායකයන් කිහිපදෙනෙකුම හමුවී සාකච්ඡා පවත්වා ඇති අතර, භූතාන අගමැතිවරයා සමඟ පැවැති මෙම හමුව ද ඊට සමගාමීව සංවිධානය කර තිබුණි.














