“දළුලන්න – ඉඩදෙන්න” විශේෂ පරිසර සංරක්ෂණ වැඩසටහන අද (20) දියගම රක්ෂිතයේදී පැවැත්වීමට නියමිතයි. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ විවිධ පරිසර හා තරුණ සංවිධාන එක්ව සිටී.
රක්ෂිතය පිරිසිදු කිරීමේ වැඩසටහනක්, ප්‍රදේශයට ආවේණික සත්ත්ව හා ශාක ප්‍රජාව පිළිබඳ ක්ෂේත්‍ර දැනුවත් කිරීමක් සහ රුක් රෝපණ වැඩසටහනක් මෙහිදී ක්‍රියාත්මක කෙරේ. තරුණ ප්‍රජාව පරිසර සංරක්ෂණ ක්‍රියාවලියට සක්‍රීයව දායක කරගනිමින් හරිත අනාගතයක් ගොඩනැඟීම මෙහි මූලික අපේක්ෂාවයි.














