“එක මිටට ගොවි බිමට” සාමාජික හා ආර්ථික සංවර්ධන වැඩසටහන් මාලාව නියෝජ්‍ය අමාත්‍යවරුන් වන උපාලි සමරසිංහ සහ නාමල් කරුණාරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) මාවතගමදී පැවැත්විණි. මාවතගම විවිධ සේවා සමූපාකාර සමිති පරිශ්‍රයේදී පැවැති මෙම වැඩසටහන මගින් හරිතාගාර වගා ව්‍යාපෘති, මඤ්ඤොක්කා ඇතුළු බෝග වගා සඳහා ණය පහසුකම් ලබා දීම සහ වගා නිෂ්පාදන සඳහා ඉදිරි වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීම සිදු විය. මීට අමතරව නව හරිතාගාර සහ ‘හයිලන්ඩ්’ අලෙවි සැලක් ද මෙහිදී විවෘත කෙරුණු අතර, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.














