ටෙහෙරානය සහ වොෂින්ටනය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික නොසන්සුන්තාව තීරණාත්මක මට්ටමකට වර්ධනය වීමත් සමඟ මැදපෙරදිග කලාපය තුළ දැඩි යුද බියක් හටගෙන තිබේ. මෙම අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඉරානයේ වෙසෙන සියලුම ඉන්දීය ජාතිකයින්ට පවතින ඕනෑම ප්‍රවාහන මාධ්‍යයක් භාවිතා කර වහාම එරටින් ඉවත් වන ලෙස ඉන්දීය රජය අද (පෙබරවාරි 23) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත.
පවතින වාතාවරණය හමුවේ ඉරානය තුළ රැඳී සිටීම අනතුරුදායක විය හැකි බවත්, තම පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරගැනීම සඳහා මෙම පියවර ගත් බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි. කලාපීය බලවතුන් අතර හටගෙන ඇති මෙම අර්බුදය හේතුවෙන් ගුවන් ගමන් ඇතුළු ප්‍රවාහන සේවාවන්ට ඉදිරියේදී බාධා එල්ල විය හැකි බවට ද අනතුරු ඇඟවීම් නිකුත් වී තිබේ.














