බදුල්ල ශික්ෂණ රෝහලේ පිහිටි ආපනශාලාව මාස කිහිපයක සිට වසා දමා තිබීමට එරෙහිව රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අද (23) රෝහල ඉදිරිපිටදී දැවැන්ත විරෝධතාවක නිරත විය. ආපනශාලාව හිටිහැටියේම වසා දැමීම හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩලය, නේවාසික රෝගීන් මෙන්ම රෝගීන් බැලීමට පැමිණෙන ජනතාව ද දැඩි අසීරුතාවට පත්ව සිටින බව විරෝධතාකරුවෝ පෙන්වා දෙති.
තේ පානය කිරීමට හෝ ආහාර ලබා ගැනීමට රෝහලෙන් පිටතට යාමට සිදුවීම විශාල ගැටලුවක් බවත්, මෙය රෝහලේ දෛනික කටයුතුවලට ද බාධාවක් බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කළහ. බලධාරීන් මැදිහත් වී කඩිනමින් මෙම ආපනශාලාව යළි විවෘත කිරීමට පියවර ගත යුතු බව සේවකයෝ අවධාරණය කරති.














