මොනරාගල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ විශේෂ මෙහෙයුමකදී පොකුණුගල පන්සල පිටුපස ඇල මාර්ගය අසල පවත්වාගෙන ගිය නීති විරෝධී කසිප්පු පෙරීමේ මධ්‍යස්ථානයක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හුලංදාව සහ වෙල්ලච්චිකඩේ ප්‍රදේශවල පදිංචි අවුරුදු 32 සහ 34 යන වයස්වල පසුවන්නන් බව හඳුනාගෙන ඇත. මොවුන් දීර්ඝ කාලයක සිට පන්සල පිටුපස කැළෑබද ප්‍රදේශයේ මෙම ජාවාරම පවත්වාගෙන යමින් ප්‍රදේශය පුරා මත්පැන් අලෙවි කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි විය.
මොනරාගල පොලිසිය විසින් සැකකරුවන් සහ නඩු භාණ්ඩ මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














