හොංකොං හි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනඥයන් සහ ක්‍රියාකාරීන් පිරිසකට එරෙහිව පනවා තිබූ සිර දඬුවම් වෙනස් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනය එරට අභියාචනාධිකරණය විසින් ඊයේ (23) ප්‍රතික්ෂේප කරන ලදී. චීනය විසින් හඳුන්වා දුන් මතභේදාත්මක ජාතික ආරක්ෂක පනත යටතේ “රාජ්‍ය බලය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කිරීමේ” චෝදනාවට වරදකරුවන් වූ මෙම ක්‍රියාකාරීන් 12 දෙනාට පනවා ඇති වසර 4 සිට 10 දක්වා වූ සිර දඬුවම් මෙලෙස තහවුරු විය. “හොංකොං 47” නමින් ප්‍රකට මෙම නඩුව, හොංකොං හි සිවිල් නිදහස සහ දේශපාලන විසම්මුතිය මර්දනය කිරීමේ තීරණාත්මක සංධිස්ථානයක් ලෙස විචාරකයෝ පෙන්වා දෙති.














