පාකිස්ථානයේ සැලසුම් අමාත්‍ය අහ්සාන් ඉක්බාල් මහතා විසින් නිකුත් කරන ලද නවතම නිල සමීක්ෂණ වාර්තාවකට අනුව, එරට දරිද්‍රතාවය වසර 11කට පසු ඉහළම අගය වන 29% දක්වා ඉහළ ගොස් තිබේ. එරට මිලියන 70ක් පමණ ජනතාව මූලික අවශ්‍යතා සපුරා ගැනීමට පවා නොහැකිව මසකට රුපියල් 8,484ක දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන බවත්, ආදායම් අසමානතාව වසර 27කට පසු දරුණුතම මට්ටමට පත්ව ඇති බවත් එහි සඳහන් වේ. වසර 21කට පසු ඉහළම විරැකියා අනුපාතය වන 7.1% ද මේ වන විට පාකිස්ථානයෙන් වාර්තා වන අතර, පාලක පන්තියේ දුර්වල ආර්ථික ප්‍රතිපත්ති මෙම දැවැන්ත පසුබෑමට සෘජුවම වගකිව යුතු බව විචාරකයෝ පෙන්වා දෙති.














