ලංකා විදුලිබල මණ්ඩලය විසින් එළඹෙන අප්‍රේල් 01 වැනිදා සිට විදුලි ගාස්තු 13.56%කින් වැඩි කිරීමට අවසර ඉල්ලා ඇති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද (24) අනාවරණය කළේය. නොරොච්චෝල බලාගාරයේ ගල් අඟුරු මගින් විදුලි ඒකකයක් නිපදවීමට වැය වන්නේ රුපියල් 21ක් වුවද, ගල් අඟුරු ප්‍රමිතිය බාල වීම නිසා බලාගාරයෙන් අපේක්ෂිත ධාරිතාව නිපදවීමට නොහැකි වුවහොත් එම හිඩැස පිරවීමට තෙල් බලාගාර මගින් විදුලිය උත්පාදනය කිරීමට සිදුවන බව ඔහු පෙන්වා දුන්නේය. එහිදී විදුලි ඒකකයක පිරිවැය රුපියල් 60 ඉක්මවා යන බවත්, දැනට ලැබී ඇති ගල් අඟුරු නැව් 10න් එකක ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් පවතින බැවින් ඒ පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














