දකුණු පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස මහාචාර්ය සුසිරිපාල මානවඩු මහතා පත් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ආ ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද මෙම පත්වීම 2026 පෙබරවාරි 24 වැනිදා සිට ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
මහාචාර්ය මානවඩු මහතා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ ගුවන්විදුලි, පුවත්පත් සහ සමාජ මාධ්‍ය රාජ්‍ය අනුමණ්ඩලයේ උප සභාපතිවරයා ලෙස වර්තමානයේ සේවය කරනු ලබයි. මීට පෙර ඔහු රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ අංශාධිපති ලෙස මෙන්ම එම විශ්වවිද්‍යාලයේම ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති ලෙසද කටයුතු කර ඇති ප්‍රවීණ විද්වතෙකි.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති මෙම පත්වීම් ලබාදීමේ අවස්ථාව සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද එක්ව සිටියේය.














