හොරොව්පතාන, කපුගොල්ලෑව ප්‍රදේශයේ පදවි රක්ෂිතයක අනවසරයෙන් පස් කපමින් සිටි විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයෙකු ඇතුළු පිරිසක් කහටගස්දිගිලිය වන අඩවි කාර්යාලය විසින් අත්අඩංගුවට ගෙන ඇත. යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම ජාවාරමට සම්බන්ධ බැකෝ යන්ත්‍රයක් (Excavator) සහ ලොරි රථ දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරු විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයෙකු බවත්, රක්ෂිතයෙන් ලබාගන්නා පස් විවිධ ස්ථානවලට අලෙවි කර ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.














