ඉරානයට සහාය පළ කරමින් ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මැදපෙරදිග කලාපය දැඩි යුද උණුසුමකට මැදිව තිබේ. මෙයට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායල හමුදා ලෙබනනය ඉලක්ක කරමින් දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති අතර, ඉරානය විසින් ද ඊශ්‍රායලයේ ප්‍රධාන නගර වන ටෙල් අවීව් සහ ජෙරුසලම වෙත ප්‍රබල ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දෙපාර්ශවය අතර පවතින මෙම දරුණු ගැටුම්කාරී තත්ත්වය හමුවේ කලාපීය ආරක්ෂාව දැඩි අර්බුදයකට ලක්ව ඇති අතර, ලෝක අවධානය මේ වන විට මැදපෙරදිග දෙසට යොමුව පවතී.














