ඉන්දියාවේ කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න්ස් (Eden Gardens) ක්‍රීඩාංගණයේදී අද (04) පැවැත්වෙන 2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගයේදී කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 169ක් රැස් කිරීමට සමත් විය. එක් අවස්ථාවක ලකුණු 77කට කඩුලු 5ක් දැවී දැඩි පසුබෑමකට ලක්ව සිටි දකුණු අප්‍රිකානු ඉනිම ගොඩනැංවූ මාර්කෝ ජැන්සන් පන්දු 29කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 53ක් රැස් කළේය. ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු 29ක් සහ ඒඩන් මාක්‍රම් ලකුණු 17ක් ලබාගත් අතර පන්දු යැවීමේදී නවසීලන්තය වෙනුවෙන් කෝල් මැකොන්චි සහ ලොකී ෆර්ගසන් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.














