අමෙරිකාව සහ ඉරානය අතර පවතින දරුණු ගැටුම් හමුවේ දෙරටේම නවීන අවි ආයුධ තොග සීඝ්‍රයෙන් අවසන් වෙමින් පවතින බව ආරක්ෂක විචාරකයින් පෙන්වා දෙයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් සතුව ‘අසීමිත’ අවි සැපයුමක් ඇති බව පැවසුවද, ඉරානය පවසන්නේ අමෙරිකාව අපේක්ෂා කරනවාට වඩා වැඩි කාලයක් සටන් කිරීමේ හැකියාව තමන් සතු බවයි.
දත්ත වාර්තා පෙන්වා දෙන්නේ මේ වන විටත් අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ප්‍රහාර 2,000කට වඩා එල්ල කර ඇති අතර ඉරානය විසින් මිසයිල 571ක් සහ ඩ්‍රෝන යානා 1,391ක් මුදා හැර ඇති බවයි. නිෂ්පාදනය කරන වේගයට වඩා වැඩි වේගයකින් අවි ආයුධ භාවිත වන බැවින්, මෙම යුද්ධය තවදුරටත් ඇදී ගියහොත් දෙපාර්ශවයටම දැඩි අභියෝගයකට මුහුණ දීමට සිදුවනු ඇත.














