14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වන සැසිවාරය අද (05) බෙයිජිංහි මහජන මහා ශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය. චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි මෙම සැසිවාරය සඳහා චීනයේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් නියෝජිතයෝ 2,700කට අධික පිරිසක් එක්ව සිටිති.
මෙහිදී රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කළ අග්‍රාමාත්‍ය ලී ච්‍යං (Li Qiang) මහතා සඳහන් කළේ 2025 වසරේදී චීන ආර්ථිකය 5%ක වර්ධනයක් අත්කර ගනිමින් යුවාන් ට්‍රිලියන 140.19ක වටිනාකමක් කරා ළඟා වූ බවයි














