මැදපෙරදිග කලාපයේ පවතින යුදමය නොසන්සුන්තාව තවදුරටත් උත්සන්න කරමින්, ඉරානයේ ඕනෑම මට්ටමක නායකයෙකු ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට තමන් සූදානම් බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසයි. ඉරානය විසින් කලාපීය ආරක්ෂාවට එල්ල කරන තර්ජන හමුවේ ඊශ්‍රායලය තවදුරටත් නිහඬව නොසිටින බවත්, අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඉරාන පාලනයේ ඉහළම පෙළේ නායකයන් “මුලිනුපුටා දැමීමට” (Eliminate) පසුබට නොවන බවත් ඔහු අවධාරණය කළේය.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට ඉරානය සැලසුම් කළ බවට එල්ල වන චෝදනා සහ ඉරාන නෞකා ඉලක්ක කර ගනිමින් එල්ල වන ප්‍රහාර හමුවේ ඊශ්‍රායලය සිදුකළ මෙම ප්‍රකාශය ජාත්‍යන්තර දේශපාලන විචාරකයන්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ. මෙය ඉරානයට එරෙහිව සෘජු යුද ප්‍රකාශ කිරීමක් බඳු දැඩි ස්ථාවරයක් බවත්, මේ හරහා ඉදිරි දිනවලදී කලාපයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් අස්ථාවර විය හැකි බවත් පෙනී යයි.














