දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් (Adelaide) නුවර ශ්‍රී ලංකා ගරු කොන්සල්වරයා ලෙස දිමුතු සමරනායක මහතා පත් කර තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර මහත්මිය විසින් 2026 මාර්තු 04 වැනිදා කැන්බරා නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී නිල වශයෙන් භාර දෙන ලදී. දකුණු ඕස්ට්‍රේලියානු කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ කොන්සියුලර් ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීම මෙන්ම ශ්‍රී ලංකාව සහ එම කලාපය අතර වෙළෙඳ, ආයෝජන සහ සංචාරක සබඳතා ප්‍රවර්ධනය කිරීම ඔහුගේ ප්‍රධාන වගකීම වේ.
තම පත්වීමෙන් අනතුරුව අදහස් දැක්වූ සමරනායක මහතා සඳහන් කළේ, කැන්බරා නුවර පිහිටි මහ කොමසාරිස් කාර්යාලය සහ මෙල්බර්න් නුවර පිහිටි කොන්සල් ජනරාල් කාර්යාලය සමඟ සම්බන්ධීකරණය වෙමින් දකුණු ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට අවශ්‍ය සහාය ලබා දීමට තමා බලාපොරොත්තු වන බවයි. මෙම නව පත්වීමත් සමඟ දකුණු ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන්ට සහ ව්‍යාපාරිකයන්ට සිය සේවාවන් වඩාත් පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව හිමි වනු ඇත.














