ඉන්දියාවේ ආරාධනය මත ‘මිලාන්’ යුද අභ්‍යාසයට සහභාගී වී ආපසු යමින් සිටියදී ප්‍රහාරයට ලක්වූ ඉරාන නෞකාවේ නාවිකයන්ගේ මරණ සම්බන්ධයෙන් ඉන්දීය නාවික හමුදාව නිල වශයෙන් කණගාටුව පළකළ යුතු බව ඉන්දියාවේ හිටපු විදේශ කටයුතු ලේකම් කන්වාල් සිබාල් (Kanwal Sibal) මහතා පවසයි. සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ, අදාළ නෞකාව ඉන්දීය ජනාධිපතිවරියට ද ගෞරවාචාර පුද කළ එකක් බැවින් එම නාවිකයන්ගේ ජීවිත සම්බන්ධයෙන් ඉන්දියාවට වගකීමක් පවතින බවයි. එසේම, අමෙරිකාව මෙම යුද අභ්‍යාසය අවසන් මොහොතේ මඟහැරීමට ද මෙම සැලසුම් සහගත ප්‍රහාරය පිළිබඳ පෙර සූදානම හේතු වන්නට ඇති බවට ඔහු සැක පළ කරයි.














