මැදපෙරදිග කලාපය තුළ වර්තමානයේ උද්ගතව ඇති යුදමය සහ අස්ථාවර තත්ත්වය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර තිබේ. ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සත්කාරකත්වය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා සහ ඩුබායි නුවරදී මෙම තරගාවලිය පැවැත්වීමට මීට පෙර සියලු කටයුතු සූදානම් කර තිබුණි.
මෙම තරග සංචාරය එක්දින තරග 3කින් සහ විස්සයි20 තරග 3කින් සමන්විත වූ අතර එහි පළමු විස්සයි20 තරගය එළැඹෙන 13 වැනිදා සාජා ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත් කලාපීය ගුවන් ගමන් සීමා වීම් සහ පවතින අනාරක්ෂිත වාතාවරණය හේතුවෙන් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. තරගාවලිය නැවත පවත්වන දිනයන් ඉදිරියේදී නිවේදනය කිරීමට නියමිතය.














