කොළඹ ආනන්ද සහ නාලන්දා විද්‍යාල අතර කොළඹ SSC පිටියේදී අද පැවැත්වෙන සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේදී පළමුවෙන් පන්දුවට පහර දුන් නාලන්දා විද්‍යාලය නියමිත පන්දු වාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 261ක් රැස් කිරීමට සමත් විය. නාලන්දා ඉනිම ශක්තිමත් කළ නෙමිඳු අක්මීමන ලකුණු 79ක් සහ රන්මිත් දිනුවර ලකුණු 78ක් ලබා ගනිමින් දක්ෂ පිතිහරඹයක නිරත වූහ.
පන්දු යැවීමේදී ආනන්ද විද්‍යාලය වෙනුවෙන් දසිත් බටුගහගේ ලකුණු 24කට කඩුලු 2ක් සහ ශාරද ජයරත්න ලකුණු 53කට කඩුලු 2ක් බැගින් දවා ගැනීමට සමත් විය. ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා ආනන්ද විද්‍යාලයට පන්දු වාර 50කදී ලකුණු 262ක ඉලක්කයක් හිමිව තිබේ. මේ වන විට ආනන්ද විද්‍යාලය සිය පිළිතුරු ඉනිම ආරම්භ කරමින් සිටියි.














