විදේශ කටයුතු හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර සමුළුවකදී සිදු කළ ඉංග්‍රීසි භාෂා ප්‍රකාශය මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව තිබේ. අමාත්‍යවරයාගේ භාෂා උච්චාරණය සහ හැසිරවීම විවේචනය කරමින් එල්ල වන දැඩි ප්‍රතිචාර හමුවේ, ඔහුගේ නිල සමාජ මාධ්‍ය ගිණුමේ අදාළ වීඩියෝවට ප්‍රතිචාර දැක්වීමේ අවස්ථාව (Comments Section) මේ වන විට අවහිර කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, මෙම වීඩියෝව වෙනත් පිටුවල සහ පෞද්ගලික ගිණුම් හරහා වේගයෙන් සංසරණය වන අතර, එහිදී බොහෝ පිරිසක් පෙන්වා දෙන්නේ විදේශ අමාත්‍යවරයෙකු ලෙස ජාත්‍යන්තරය හමුවේ භාෂාව නිවැරදිව හැසිරවීම අත්‍යවශ්‍ය සාධකයක් බවයි. මෙම තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ පාර්ශ්වයෙන් හෝ රජයේ පාර්ශ්වයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර, භාෂා ප්‍රවීණතාව පිළිබඳ මෙම විවාදය සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර තවදුරටත් උණුසුම් මුහුණුවරක් ගෙන ඇත.














