මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ එල්ල වූ ප්‍රහාරවලින් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් සිව්දෙනාම මේ වන විට රෝහල්වලින් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර මහතා අද (09) තහවුරු කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඉන් තිදෙනෙකු සමඟ තමන් සෘජුවම දුරකථනයෙන් සම්බන්ධ වී ඔවුන්ගේ සුවදුක් විමසූ බවත්, ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්ය. සිව්වැනි පුද්ගලයාගේ දුරකථන අංක හරහා සම්බන්ධ වීමට මෙතෙක් නොහැකි වී තිබුණ ද, ඔහු ද ආරක්ෂිතව රෝහලෙන් පිටව ගොස් ඇති බව තහවුරු වී තිබේ. විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කලාපයේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල දැඩි අවධානයෙන් පසුවන බවත්, සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ෂා කරමින් පවතින අර්බුදයට සාමකාමී විසඳුමක් ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.














