මැදපෙරදිග කලාපයේ පවතින යුදමය නොසන්සුන්තාව හමුවේ සිය මිත්‍ර පාර්ශවයන්ට ආරක්ෂාව සැපයීම සඳහා ප්‍රංශය සිය ප්‍රබල නාවික බලඇණියක් මධ්‍යධරණී මුහුද, රතු මුහුද සහ හෝමුස් සමුද්‍ර සන්ධිය ඉලක්ක කරගනිමින් යෙදවීමට තීරණය කර තිබේ.
ප්‍රංශය මෙම මෙහෙයුම සඳහා යුධ නැව් 8ක්, ගුවන් යානා ප්‍රවාහන නෞකා බලඇණියක් සහ හෙලිකොප්ටර් ප්‍රවාහන නෞකා 2ක් යොදවා ඇත. පසුගිය සතියේ සයිප්‍රසයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයෙන් අනතුරුව එහි සංචාරයක නිරත වූ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් අවධාරණය කළේ, සයිප්‍රසයට එල්ල වූ ප්‍රහාරය මුළු යුරෝපයටම එල්ල වූ ප්‍රහාරයක් ලෙස සලකන බවයි.
මෙම මෙහෙයුම තනිකරම ආරක්ෂක සහ පරිවාර මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක වන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. යුරෝපීය සහ යුරෝපීය නොවන රටවල් සමඟ එක්ව සැලසුම් කර ඇති මෙහි මූලික අරමුණ වන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් සහ බහාලුම් නැව්වලට ආරක්ෂිතව ගමන් කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කර දීමයි.













