ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියේ (NEMIS) මානව සම්පත් කළමනාකරණ (HRM) මොඩියුලයේ පළාත් හතරක කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් අවසන් කර ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.
ඒ අනුව, ගුරු මාරුවීම් ඇතුළු තවත් විශේෂ තීරණ රැසක් ක්‍රියාවට නංවමින් ලංකාවේ පාසල් පද්ධතිය ඩිජිටල්කරණය කරා යොමු කර ඇති අතර, ඉතිරි පළාත් පහේ තොරතුරු ද ඉදිරි මාස තුන තුළ මෙම පද්ධතියට ඇතුළත් කිරීමට නියමිතය.













