අඩු මානසික තත්ත්වයෙන් පෙළෙන සිය සහෝදරයාව ඝාතනය කර පිහියක්ද රැගෙන පොලිසියට ගොස් පාපෝච්චාරණය කළ පුද්ගලයෙකු ආරච්චිකට්ටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (22) දහවල් 2.10ට පමණ ආරච්චිකට්ටුව පොලිසියට පැමිණි සැකකරු තමන් විසින් සිය සහෝදරයා ඝාතනය කළ බව පවසා ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය ඔවුන්ගේ නිවස පරීක්ෂා කිරීමේදී, කාමරයක ඇඳක් මත කැපුම් තුවාල සහිතව මියගොස් සිටි ආරච්චිකට්ටුව – රාජකදළුව පදිංචිව සිටි දුලේන් හසංක නමැත්තාගේ සිරුර සොයාගෙන තිබේ. අඩු මානසික තත්ත්වයෙන් පසුවූ මියගිය අයව දිවා කාලයේ රැකබලා ගෙන ඇත්තේ අත්අඩංගුවට පත් සැකකාර සහෝදරයා විසින් බව පොලිසිය සඳහන් කරයි.













