ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ එල් 1213 (UL 1213) ගුවන් යානය රෝමය බලා පිටත්ව යාම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් පදනම් විරහිත සහ අසත්‍ය බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කරයි.
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය හමුවේ යුරෝපය බලා යාමට සිටි මගීන්ට සහ එහි රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට සෘජුව මෙරටට පැමිණීමට පහසුකම් සැලසීම සඳහා රජයේ මැදිහත්වීම මත මෙම ගමන සංවිධානය කර ඇත. රජයේ අමාත්‍යවරයෙකු මෙරටට ගෙන්වා ගැනීම සඳහා මෙම ගුවන් යානය යෙදවූ බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බවත්, අදාළ අමාත්‍යවරයා මීට දින කිහිපයකට පෙර මෙරටට පැමිණ ඇති බවත් අධිකාරිය අවධාරණය කරයි.
සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ රජය අපකීර්තියට පත් කිරීමේ අරමුණින් ද්වේෂසහගත ලෙස මෙවැනි අසත්‍ය තොරතුරු පතුරුවන පුද්ගලයන්ට සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. ගුවන් කර්මාන්තය සහ සංචාරක ව්‍යාපාරය ජාතික ආර්ථිකයට සපයන දායකත්වය මෙවැනි අසත්‍ය ප්‍රකාශ හරහා අනතුරේ හෙළීම අධිකාරිය විසින් දැඩි ලෙස හෙළා දකිනු ලැබ ඇත.














