ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන 2026 අන්තර් පාසල් පළමු කොටසේ රග්බි තරගාවලිය අනිද්දා (මාර්තු 11) ආරම්භ වීමට නියමිතය.
තරගාවලිය ආරම්භ කරමින් පළමු දිනයේදී කොළඹ ආනන්ද විද්‍යාලය සහ ශාන්ත පීතර විද්‍යාලය අතර තරගයත්, තර්ස්ටන් විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර තරගයත් පැවැත්වීමට නියමිතව ඇත. මෙවර තරගාවලියේ පළමු අදියර පිලිමළුන් පිටුදැකීමේ (Knockout) පදනම මත පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, නිල ගුවන් විදුලි මාධ්‍ය අනුග්‍රහය හිරු මාධ්‍ය ජාලය විසින් ලබා දෙනු ලබයි. දිවයිනේ ප්‍රමුඛතම පාසල් කණ්ඩායම් රැසක් සහභාගී වන මෙම තරගාවලිය රග්බි ප්‍රේක්ෂකයන් අතර මේ වන විටත් දැඩි උනන්දුවක් ඇති කිරීමට සමත්ව තිබේ.














