රත්මලාන ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය (Crystal Meth) ග්‍රෑම් 100ක් සන්තකයේ තබාගෙන සිටි 48 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය රත්මලාන ප්‍රදේශයේම පදිංචිකාරියක වන අතර, ඇය සන්තකයේ තිබූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම සහ ඇය කිසියම් මත්ද්‍රව්‍ය ජාලයකට සම්බන්ධද යන්න පිළිබඳව ගල්කිස්ස පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන පවත්වයි. මෑතකාලීනව රත්මලාන ආශ්‍රිතව මත්ද්‍රව්‍ය ජාලයන් මැඩපැවැත්වීම සඳහා ආරක්ෂක අංශ මෙහෙයුම් දැඩි කර ඇති පසුබිමක මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇත.














