තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි කැනේඩියානු ජාතිකයින් දෙදෙනෙකු සන්තකයේ තිබී රුපියල් මිලියන 321.59ක් (කෝටි 32කට අධික) වටිනා ‘කුෂ්’ (Cannabis) මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අද (10) අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 403 යානයෙන් අද පෙරවරු 11:15ට පමණ මොවුන් දිවයිනට පැමිණ ඇත.
ගුවන් තොටුපළ රේගු නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් සිදුකළ විශේෂ පරීක්ෂාවකදී, සැකකරුවන්ගේ ගමන් මලු තුළ සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් 25 හැවිරිදි පිරිමි පුද්ගලයා සහ 29 හැවිරිදි කාන්තාව වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) වෙත භාර දීමට නියමිතය.














